එක්සත් ජනපදය තුළ ප්රාන්ත කිහිපයක්ම ගබ්සාවට එරෙහි වෙමින් ඇති පරිසරයක ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ තමන්ද ගබ්සාවට විරුද්ධ බවයි.
කිසියම් කාන්තාවක දූෂණයට ලක්වීමක් හෝ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා වූ හදිසි අවස්ථාවකදී හැරෙන්නට ගබ්සාව තහනම් විය යුතු බව ඔහු පවසා තිබේ.
පසුගියදා එක්සත් ජනපදයේ ඇලබාමා ප්රාන්තය තුළ ගබ්සාවට එරෙහිව නීති සම්මත වූ අතර, මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ආකාරයක ගබ්සාවකට එහි ඉඩක් නොවීමය.
මෙම තීරණයට විරුද්ධ බලවේග ඇමෙරිකාව තුළ පැන නැගෙනමින් පැවතියද, ඊට සහාය දක්වන බහුතර පිරිසක්ද සිරින බව කියැවෙයි.