ගැබෝන් රාජ්‍යයේ සිදුවීමට ගිය හමුදා කුමන්ත්‍රණය අඩපණ කළ බවත්, මේ වනවිට තත්ත්වය සමථයකට පත්කර ඇති බවත් එරට රජය පවසයි.
මෙම සිද්ධියට මුල්වූ කැරලිකාර හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත්, තවත් අයෙකු පළාගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
රට තුළ ප්රජාතන්ත්රවාදය අතිකිරීම සඳහා මෙම කුමන්ත්‍රණයට සහාය දැක්වූ බව හමුදා සාමාජිකයන් පවසා ඇති අතර, වත්මන් පවුල් පාලනය වසර 50කට ආසන්න කාලයක් රට පාලනය කිරීමෙන් ජනතාව හෙම්බත්ව ඇති බව ඔවුන් සඳහන් කර තිබේ.
ලිබ්රෙවෙල්ලේ අගනුවර යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ දැකගත හැකි අතර, කනිජතෙල් සම්පතින් ආඪ්‍ය වූ රට අරාජික කිරීම සඳහා මෙවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවද රජය පවසා සිටියි.
එරට වත්මන් නායක ඔමාර් බොන්ගෝ වර්ෂ 2009 දී සිය පියාගෙන් පසුව බලයට පත්වූ අතර, 2016 වසරේදී යළිත් වරක් මැතිවරණ දූෂණ සිදුකරමින් බලයට පැමිණ ඇති බව කියැවෙයි.