ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ නව පුරවැසි නීතියට එරෙහිව විශාල විරෝධතා මධ්‍යයේ වුවද එය ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍ය මෝදි කටයුතු කරමින් සිටියි.
දිල්ලියේ පැවති රැලියකදී ඔහු කියා සිටියේ පීඩා විඳින්නන්ට උපකාරයක් කිරීම සඳහා ඔවුන් මෙම පනත සම්මත කළ බවයි. "අපි ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ට සහ එහි පාර්ලිමේන්තුවට ගරු කළ යුතුයි".
මුස්ලිම් විරෝධී පනතක් ලෙස විචාරකයන් හඳුන්වන මෙම පනත් කෙටුම්පත මගින් ඇති වූ ගැටුම්වලින් දින 10ක් තුළ විශාල පිරිසක් මියගොස් තිබේ.
මේ අතර, පොලීසියෙන් එල්ල වූ තහනම නොතකා විරෝධතාකරුවන් දිගටම පාරට බැස ඇති අතර, බලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා දහස් ගණනක් රඳවාගෙන, අන්තර්ජාල සේවා අත්හිටුවීමටද කටයුතු කර ඇත.
මෙම පනත මගින් අසල්වැසි රටවල් තුනක මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.