යේනමය සහ සිරියාව ඇතුළු ගැටුම් පවතින කලාප වෙත සාමය ඉල්ලා සිටින බව පළමු වැනි ෆ්රැන්සිස් පාප් තුමන් වාර්ෂික නත්තල් පණිවුඩයෙන් සිහිපත් කරයි.
මෙම රටවල් ද්විත්වයම වසර කිහිපයක සිට දරුණු සිවිල් යුද්ධයක පැටලී සිටින අතර, එම රටවල ජනතාව මානුෂීය අර්බුදයක පසුවෙයි.
"මම ප්රාර්ථනා කරන සුබ නත්තල, සහෝදරත්වය වෙනුවෙන් වූ ප්රාර්ථනයක්. සෑම රටකම, සෑම සංස්කෘතියකම සහෝදරත්වය වෙනුවෙන් කරන ප්රාර්ථනයක්" යැයි පාප් තුමන් පැවසීය.
වතිකානුවේ, ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාප් තුමන් මෙම වාර්ෂික නත්තල් පණිවුඩය ප්රකාශයට පත්කර ඇති අතර, එය 'උර්බි ඒට් ඔර්බි' ලෙස හැඳින්වෙයි.