ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් 2016 වසරේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 13 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 48 දෙනෙකු සේවයෙන් නෙරපීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ.
එම සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි කාර්ය මණ්ඩලය වෙත යොමුකළ ලිපියක සඳහන් කර ඇත්තේ, නොමනා ක්‍රියා සම්බන්ධයෙන් ගූගල් සමාගම 'දැඩි පිළිවෙතක්' අනුගමනය කරන බවය.
ඔහු මෙම ලිපිය සකසා ඇත්තේ සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කළ ඇන්ඩි රූබින්ට නොමනා හැසීරීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදීත් ඇ.ඩො.මිලියන 90ක වන්දියක් ගෙවා ඇති බවට පළ වූ පුවත්පත් වාර්තාවකට ප්‍රතිචාර ලෙසිනි.
එමෙන්ම, ඇන්ඩි රූබින් සම්බන්ධයෙන් පුවත්පතේ සඳහන් චෝදනා අසත්‍ය බව ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබූ අතර, ඇන්ඩි රූබින් පවසා තිබුණේ, තමන් කිසිදු නොමනා හැසිරීමකට සම්බන්ධ නොවූ බවත් සිය කැමැත්තෙන් ගූගල් සමාගම හැර ගිය බවත්ය.