තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති බව ප්රකාශ කරමින්, ජනපති නිකොලාස් මදුරෝ ධුරයෙන් පහ කිරීමමේ අවසන් අදියර ක්රියාත්මක වන බව පවසා ජුආන් ගුඅයිදෝ දියත් කිරීමට ගිය හමුදා කුමන්ත්රණය පරාජයට පත්කළ බව වෙනිසියුලාව කියයි.
වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම උත්සාහය ගෙන තිබුණු අතර, එහිදී ඔහුගේ පසුබිමින් හමුදා සාමාජිකයන් පිරිසක් රැඳී සිටින ආකාරය දැකිය හැකිය.
තමාට හමුදා සහාය ලැබෙන බව ඒත්තු ගන්වමින් ඔහු මෙම වීඩියෝව ප්රචාරය කර තිබුණු අතර, එම අවස්ථාවට තවත් විරුද්ධ පක්ෂ නායකයෙකු වන ලියෝපොල්ඩෝ ලෝපේස් ද වෙයි.
පසුගිය ජනවාරි මාසයේදී තමන් එරට අන්තර්වාර ජනපති ලෙස ගුඅයිදෝ හඳුන්වා සිටි අතර, මදුරෝ බලයෙන් පහ කිරීම සඳහා හමුදා සහාය ඉල්ලා සිටියේය.
ඔහුගේ සහායට විදේශීය බටහිර බලවේග කිහිපයක් කටයුතු කරමින් සිටියද, චීනය සහ රුසියාව යන ලෝක බලවතුන්ගේ මැදිහත්වීම නිසා එම උදම් රළ ආපසු හැරිණි.