එක්සත් ජනපදයේදී විදේශීය රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් පැවති දුර්ලභ රැලියකදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකිනෙකා සම්බන්ධයෙන් මිත්‍රත්වයේ උණුසුම් වාග් ප්‍රශංසාවක් සිදුකළහ.
ටෙක්සාස් ප්‍රාන්තයේ, හූස්ටන් හිදී පැවති මෙම දැවැන්ත ජන රැළියට 50,000කට අධික පිරිසක් සහභාගි වි සිටි අතර, මෙය අතිශය බලවත් ඓතිහාසික සිදුවීමක් ලෙස ට්‍රම්ප් සඳහන් කළේය.
"කොහොමද මෝදි!" ලෙස නම් කර තිබූ මෙම ජන රැළිය එක්සත් ජනපදයේදී විදේශීය නායකයෙකු වෙනුවෙන් සිදුවූ විශාලතම පිළිගැනීමක් ලෙසද සැලකිය හැකිය.
මෙහිදී, අදහස් දක්වමින් මෝදි අගමැතිවරයාද ඇමෙරිකානු නායකයා තම රාජ්‍යයේ ප්‍රබල මිත්‍රයෙකු ලෙස හඳුන්වා දුන්නේය.
එමෙන්ම, ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියාකරන බවද මෝදි අවධාරණය කළේය.
මෙම හමුවෙන් පසුව මෝදි ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මුහුණදීමට පැමිණෙනු ඇත.
එහිදී, ඉන්දීය පාලිත කාශ්මීරය සම්බන්ධයෙන් මෝදිට යම් දැඩි ප්‍රශ්න කිරීමකට ලක්විය හැකි බව සඳහන් වුවත්, සතියක් පුරා දිවෙන මෝදිගේ ඇමෙරිකානු සංචාරය තුළ වෙළෙඳ සාකච්ඡා සඳහා වැඩි අවධානයක් යොමුවනු ඇති බව විචාරකයෝ පවසති.