කසකස්තානයේ මගී ජෙට් යානයක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් බව මුලින් සඳහන් වුවත් නිල දත්ත අනුව එය 12ක් බව විදෙස් වාර්තා පවසයි.
බෙක් එයාර් ගුවන් යානය කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි සිට අගනුවර නූර්-සුල්තාන් දක්වා පියාසර කිරීමට යෑමේදී එය ගුවන් ගත වූ වහාම ගොඩනැගිල්ලකට කඩා වැටුණි.
ෆෝකර් 100 ගුවන් යානයේ මගීන් 93ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි අතර, අනතුරින් තුවාල ලැබූ විශාල පිරිසක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැතත්, දැඩි මීදුම් තත්ත්වය ඊට හේතුව බව විශ්වාස කෙරෙයි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මුලින් කියා සිටියේ පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති නමුත් පසුව එය මරණ 12 දක්වා අඩු කර ඇත.