තුර්කියේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය තුළදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ හා වගකිව යුතු සියලු වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි.
මෙම මරණය හරහා සියලු සෞදි වැසියන්ට චෝදනාවක් එල්ල වුවත්, මේ හරහා තුර්කිය සමග පවත්වන සබඳතා පළුදු කර නොගන්නා බවද හෙතෙම අවධාරණය කර තිබේ.
පසුගියදා රියාද් නුවරදී පැවති ජාත්‍යන්තර ව්‍යාපාර සමුළුව අමතමින් සෞදි කුමරා මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණේ, මෙම මරණය සම්බන්ධයෙන් ඔශු වෙතත් එල්ල වන චෝදනාවටද පිළිතුරක් වශයෙනි.
මෙම වේදනාත්මක අවස්ථාව තුළ සෞදිය හා තුර්කිය අතර පවතින සබඳතා පළුදු කිරීමට ඇතැම් දෙනා උත්සාහ කළත් එය කළ නොහැක්කක් බවද හෙතෙම සඳහන් කර තිබේ.
මෙය ව්‍යාජ රජයේ නියෝජිතයන් ලෙස සැරසුණු පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකළ අපරාධයක් ලෙස සෞදි අරාබිය දැන් කියා සිටියත්, මුලදී මෙවැන්නක් සිදු නොවූ බවට ඔවුන් මෙම සිදුවීම වසන් කිරීමටද උත්සාහ කර තිබුණි.