ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ ශ්රී නගර් හිදී විරෝධතාකරුවන් පිරිසක් සහ පොලීසිය අතර ගැටුමක් උත්සන්න වී තිබේ.
පසුගිය සිකුරාදා දිනයේ මුස්ලිම් දේව මෙහෙයන්ගෙන් පසුව සෝරා පළාතේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කිරීමේදී මෙම ගැටුම් ආරම්භ වී ඇත.
එහිදී, විරෝධතාකරුවන් පොලීසිය වෙත ගල්මුල්වලින් පහරදී ඇති අතර, පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදා ප්රහාරයක් දියත් කර තිබේ. මෙහිදී දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඉන්දීය රජය විසින් එරට පාලනයේ පවතින කාශ්මීරයට ලබාදී තිබූ ස්වයංපාලන අයිතිය අහෝසි කිරීමත් සමග එම ප්රාන්තය තුළ යම් නොසන්සුන්තාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත්, දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බැවින් තවමත් දරුණු ගණයේ සිදුවීමක් ඉන් වාර්තා නොවීය.