කොවිඩ්-19 වෛරසය ආසාදනවලින් සුවය ලැබූ පුද්ගලයින්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එක් මාත්‍රාවකින් අමතර ප්‍රතිශක්තියක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ අවධාරණය කරති.
අමතර උත්තේජනය ලැබෙන්නේ ස්වාභාවික ආසාදනයෙන් පසුව එකම අනුපාතයකින් වර්ධනය නොවන ප්‍රතිශක්තිකරණ සෛලවලින් වන අතර, එය දැනට සංසරණය වන කනස්සල්ලට පත්වන ප්‍රභේදයන්ගෙන් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පර්යේෂකයෝ වැඩිදුරටත් පැවසූහ.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී නොමැති පුද්ගලයින්ට එවැනි තල්ලුවක් ලබාගැනීම සඳහා එන්නත් මාත්‍රා දෙකම අවශ්‍ය බව ඔවුහු පවසති.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි වෛද්‍ය රෝස්මරී බොයිටන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම සෞඛ්‍ය සේවකයින්ගේ රුධිර සාම්පල විවිධ අවස්ථාවලදී විශ්ලේෂණය කළහ. සමහරුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලබා සිටි අතර, තවත් අයට වෛරසය වැලඳී නොතිබුණි.