කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 3,229ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම මරණ අතරින් මරණ 3,012ක් චීනයෙන් වාර්තා වන අතර, මරණ 217ක් විදෙස් රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.
එමෙන්ම මේ වනවිට චීනයේ ආසාදිතයන් ප්‍රමාණය 80,565ක් ලෙස සඳහන් වන අතර, විදේශයන්හි එම අගය 12,600 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ආසාදිතයන් 93,000 ඉක්මවා ඇත.
විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වය හේතුවෙන් චීනයෙන් පිටත දැඩි අවදානමකට ලක්ව ඇති දකුණු කොරියාවේ මේ වනවිට පුද්ගලයන් 5,766 දෙනෙකු වෛරසයට ගොදුරුව, 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත් වෛරසය වැළඳී සුවය ලබා නිවෙස් වෙත ගිය පිරිස මේ වනවිට 50,000 ඉක්මවා ඇති අතර. එම අගය 52,109ක් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.