කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව චීනයද ඇතුළුව 3,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම දත්ත අනුව මේ වනවිට චීනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,912ක් වන අතර, ඉන් පිටත විදෙස් රටවලින් මරණ 129ක් වාර්තා වෙයි.
එමෙන්ම සමස්තයක් ලෙස කොවිඩ්-19 ආසාදිතයන් ප්රමාණ්ය 87,874ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයේ පමණක් එම අගය 80,174කි.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදනය වී සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති පිරිසේද වැඩිවීමක් වාර්තා වන අතර, එම අගය 44,518ක් ලෙස චීනයෙන් පමණක් වාර්තා වෙයි.