කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 2,243ක් ලෙස වාර්තා වන අතර, ඉන් 10 දෙනෙකු චීනයෙන් පිටත වාර්තා වෙයි.
එමෙන්ම ඊයේ දිනය අවසන් වනවිට චීනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 75,464ක් වාර්තා වන අතර, චීනයෙන් පිටත මෙම අගය 1,000ක් පමණ වෙයි.
ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් චීනය තුළ කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගැනුණු පිරිස 889ක් වන අතර, ඉන් මියගිය පිරිස 118කි. නමුත් ආසාදිතයන් මෙන්ම ඉන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේද අඩුවක් ක්‍රමිකව දැකිය හැකි බව චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
මේ අතර, ඊයේ දිනය අවසන් වනවිට රෝගය වැළඳී සුවය ලබා නිවෙස් බලා ගිය පිරිස 18,264ක් වන අතර, එම අගය ඊයේ දිනයේදී පමණක් 2,109කි.