කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස ඊයේ (17දා) දිනය අවසන් වනවිට 1,873ක් ලෙස වාර්තා වන බව චීන මාධ්‍ය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ චීන සෞඛ්‍ය කොමිසමේ දත්ත අනුව වෛරසය ආසාදනය වී මියගිය අයගෙන් පස් දෙනෙකු චීනයෙන් පිටත එනම් පිලිපීනය, ජපානය, ප්‍රංශය, හොංකොං සහ තායිවානය යන රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.
මේ අතර වෛරසය ආසාදනය වූවන්ගේ සමස්ත අගය ඊයේ දිනය අවසන් වනවිට 73,328ක් ලෙස වාර්තා වූ අතර, ඉන් 800ක් විදේශයන්ගෙන් වාර්තා විය.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිසද ඊයේ දිනය නිමා වනවිට 12,552ක් දක්වා චීනය තුළ පමණක් ඉහළ ගොස් තිබුණි.