කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,669 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේදී ප්‍රංශයේදී චීන සංචාරකයෙකු මියයෑමත් සමග ආසියාවෙන් පිටත ප්‍රථම කොවිඩ්-19 මරණයද වාර්තා විය.
එමෙන්ම මේ වනවිට කොරෝනා ආසාදනය වූ සමස්ත පිරිස 69,094ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 510ක් විදේශයන්ගෙන් වාර්තා වෙයි. එමෙන්ම මියගිය අයගෙන් සිව්දෙනෙකු පිලිපීනය, හොංකොං, ජපානය සහ ප්‍රංශය යන රටවලින් වාර්තා වෙයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූවන්ගේ ප්‍රමාණයද ඊයේ දිනය අවසන් වනවිට 9419ක් දක්වා වැඩිවී තිබේ.
එමෙන්ම හුබෙයි පළාතින් පිටත නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව පෙබරවාරි 03දා සිට දින 12ක කාලය තුළ සැලකිය යුතු අඩුවීමක් වාර්තා කරන බව චින සෞඛ්‍ය කොමිසම පවසයි.