කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස ඊයේ දිනය අවසන් වනවිට 1,363 දක්වා වැඩිවී තිබුණු අතර, වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිස 60,096ක් දක්වා වර්ධනය වී තිබුණි.
එහිදී චීනයෙන් පිට මරණ දෙකක් වාර්තා වන අතර ඒ පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙනි. එමෙන්ම චීනයෙන් පිට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 445කි.
මේ අතර වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාවද ඊයේ දිනය අවසන් වනවිට 5,646ක් ලෙස ගණන් බලා තිබුණි.
කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වන බවත්, හුබෙයි පළාතෙන් පමණක් ඊයේ දිනයේ මරණ 242ක් වාර්තා වන බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව මේ දක්වා හුබෙයි පළාතෙන් පමණක් මරණ 1,310ක් වාර්තා වන අතර, රෝගීන් 3,441 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණි.