කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ ලෝකය නිශ්චිතව දක්වා නැති භූමියක සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එහි ප්‍රධානියා වන ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ වෛරසය ඊටම අනන්‍ය වූ විශේෂ වෛරසයක් වුවත්, නිවැරදි ක්‍රියාමාර්ග තුළින් එය පිටුදැකිය හැකි බවයි..
වෛරසය පැතිරීම නිසා ගෝලීය වශයෙන් මරණ 3,000ක් මේ වනවිටත් පසුකර ඇති අතර, බොහෝමයක් මරණ චීනයෙන් වාර්තා වුවත්, පසුගිය දින තුළ චීනයෙන් පිටත ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දැකිය හැකි විය.
"අපට මේ වෛරසය පසුපසට තල්ලු කළ හැකියි" යනුවෙන් පවසන වෛද්‍ය ටෙඩ්රොස් අවධාරණය කරන්නේ, රෝගයට වඩා අපකීර්තිය භයානක බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 රෝගය වර්ධනය වීම එක් මාවතක් නොවන බැවින්, සියලු රටවල් ඉක්මනින් හා ඵලදායී ලෙස ක්‍රියා කළහොත් ඊට එරෙහිව සටන් කළ හැකි බවයි.
"දැන් මේ සඳහා මුහුණදීම හැර වෙනත් විකල්පයක් නැහැ" යැයි ඔහු පැවසීය.
චීනයෙන් පිටත දරුණු ලෙස පීඩාවට පත් රටක් වන ඉතාලියේ සඳුදා දිනය වනවිට මරණ සංඛ්‍යාව 34 සිට 52 දක්වා ඉහළ ගොස් තිබේ.