කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රාජ්‍යයන් 90කට වැඩි ප්‍රමාණයකින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව වතිකානුව, සර්බියාව, ස්ලොවැකියාව, පේරු, කැමරූන් සහ ටෝගෝ යන රටවලින් වෛරස ආසාධන සිද්ධීන් පළමු වැනි වරට වාර්තා වෙමින් තිබේ.
මේ අතර මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකින් වෛරසය ප්‍රථම වරට හමුවීම කැමරූන් රාජ්‍යයෙන් වාර්තා වූ අතර, නෙදර්ලන්තය සිය ප්‍රථම කොරෝනා මරණය සිකුරාදා දිනයේ වාර්තා වූ විය.