වෛරසය විකෘති වීම වැළැක්වීම සහ ලෝක ව්‍යාප්ත තර්ජනයක් ලෙස නැවත පැමිණීම වැළැක්වීම සඳහා ගෝලීය කොරෝනා වෛරස් එන්නත් සඳහා මුදල් ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු සහ විදේශ ඇමතිවරු G7 ධනවත් රටවල් වලින් ඉල්ලා සිටිති.
එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල නායකයන් එලැඹෙන සිකුරාදා එංගලන්තයේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීමට පෙර හිටපු නායකයෝ සිය අභියාචනය ඉදිරිපත් කළහ.
G7 වෙත ලියන ලද ලිපියේ හිටපු ලෝක නායකයින් කියා සිටියේ 2020 දී ගෝලීය සහයෝගීතාව අසාර්ථක වූ නමුත් 2021 දී නව යුගයක් උදාවිය හැකි බවයි.
"අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි G7 සහ G20 වෙතින් ලැබෙන සහයෝගය පුණ්‍ය කටයුත්තක් නොව සෑම රටකම උපායමාර්ගික අවශ්‍යතා සඳහායි" යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
අත්සන් කළ අය අතර හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් සහ ටෝනි බ්ලෙයාර්, හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්-කි මූන් ඇතුළු අප්‍රිකානු හිටපු නායකයන් 15 දෙනෙක්ද වූහ.