නව කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා නිවසේ සිට වැඩ කරන ලෙස ට්විටර් සමාජ ජාලා සමාගම සිය සේවකයන්ට දන්වා තිබේ.
බ්ලොග් සටහනක් තබමින් ට්විටර් සමාජ මාධ්‍ය දැවැන්තයා කියා සිටියේ හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කාර්ය මණ්ඩලය දුරස්ථව වැඩ කිරීම අනිවාර්ය බවයි.
ලොව පුරා සිටින සිය සේවකයන් 5,000ක් දෙනා රැකියාවට නොපැමිණීම දැඩි ලෙස දිරිගන්වන බව සමාගම පවසයි.
සිය සේවකයන් සඳහා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ගමන් සහ හමුවීම් තහනම් කිරීමෙන් දිනකට පසුව එම සමාගම මෙම නිවේදනය සිදුකර ඇත.
ට්විටර් හි මානව සම්පත් ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ටි පැවසුවේ “අපගේ ඉලක්කය වන්නේ අප වෙනුවෙන් සහ අප අවට ලෝකය සඳහා කොවිඩ් -19 කිරීටක වෛරසය පැතිරීමේ සම්භාවිතාව අඩු කිරීමයි.”