ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල ආරම්භ වීමට මසක් පමණ තිබියදී, එලැඹෙන ජුනි 20දා දක්වා ජපානය ප්‍රාන්ත නවයක් සඳහා හදිසි නීතිය දීර්ඝ කරන බව ජපාන අගමැති යොෂිහිඩ් සුගා නිවේදනය කරයි.
ඔසාකා සහ ටෝකියෝවල කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව අඩු වුවද, සමස්ත ආසාදිත අගය ඉහළ මට්ටමක පවතින අතර ඔසාකාහි රෝහල් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි සුගා පැවසීය.
"මේ දිනවල ආසාදන අඩුවෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන තවමත් අනාවැකි කිව නොහැකියි. ඒ අනුව තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි නීතිය දීර්ඝ කිරීමට මා තීරණය කළා." සුගා පැවසීය.
සුගා හදිසි නීතිය දීර්ඝ කිරීම නිවේදනය කිරීමට මොහොතකට පෙර, ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙලේ ප්‍රධානී, සයිකෝ හෂිමොටෝ කියා සිටියේ එය සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. එමෙන්ම, හදිසි තත්ත්වය ඉවත් කරන තුරු ඔලිම්පික් නිලධාරීන් ප්‍රේක්ෂකයින් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවද ඇය පැවසීය.
"අපට හැකි ඉක්මනින් තීරණයක් ගැනීමට අවශ්‍යයි. නමුත් හදිසි තත්ත්වය ඉවත් කිරීමෙන් පසුව, රජයේ උපදෙස් අනුව සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සඳහා එය විවෘත කළ හැකි ආකාරය අපි තක්සේරු කරනවා" යනුවෙන් ඇය පැවසුවාය.