කැලිෆෝනියානු ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ලැව්ගින්නෙන් සිදුව ඇති මහා විනාශය නිරීක්ෂණය කිරීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණ තිබේ.
උතුරුදිග කැලිෆෝනියාවට බලපෑ මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මියගිය මුළු පිරිස 76ක් පමණ වන බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, තවත් 1,200ක් පමණ දෙනා තවමත් අතුරුදන්ව ඇති බැවින් මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවට අනතුරු ඇඟවේ.
පැරඩයිස් නගරයේ සිට මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප් කියා සිටියේ මේ සිද්ධිය දැකගැනීමට ලැබීම පවා දුක් ගෙනදෙන්නක් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වෙත යලිත් ඇඟිල්ල දිගු කිරීමට ක්‍රියාකළ ජනපතිවරයා, ඔවුන් යුහුසුළුව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය අර්ථ ගැන්වීය.