එක්සත් ජනපදයේ කැලිෆෝනියා මගී බෝට්ටු ගින්නෙන් මියගිය 34 දෙනා අතර උපන්දින උත්සවයක් සමරමින් සිටි එකම පවුලේ 5 දෙනෙකුද සිටින බව කියයි.
ස්කූබ ඩයිවින් පහසුකම් ඇති මෙම විශේෂ බෝට්ටුව හදිසියේ ගිනිගැනීමෙන් මෙම ඛේදවාචකය සිදුවූ අතර, ගිනි ගැනීමත් සමග ගිලුණු බෝට්ටුවේ තට්ටුව තුළ තිබී මළ සිරුරු 25ක් සොයාගැනීමට මුදාගැනීම් කණ්ඩායම්වලට මෙතෙක් හැකිවී තිබේ.
බෝට්ටුව ගින්නට හසුවන අවස්ථාවේදී එහි සිටි බොහෝදෙනෙකු නින්දේ පසුව ඇති බවත් පුද්ගලයන් 39 දෙනෙකු එහි සිට ඇති බවත් මේ වනවිට අනාවරණය වෙයි.
මෙම අනතුරින් දිවි ගලවාගත් පස් දෙනාම එහි කාර්ය මණ්ඩලයේ අය බවත්, ඔවුන් ගින්නත් සමග ජලයට පැණීමෙන් දිවි ගලවානෙ ඇති අතර, කාර්ය මණ්ඩලයේ එක් අයෙකු ගින්නට හසුව ඇති බවත් කියයි.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බව පොලීසිය කියයි.