කොලොම්බියා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග කන්සවේටිව් පක්ෂයේ නව අපේක්ෂක ඉවාන් ඩූක් එරට නව ජනපති වශයෙන් තේරීපත් වී තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග ඊයේ (17දා) එරට බොගෝටා අගනුවර ජයග්‍රාහී රැලියක් පවත්වමින් ඉවාන් ජනතාව ඇමතීය.
මේ අතර, 2016 වසරේදී ෆාර්ක් ගරිල්ලන් සමග ඇති කරගත් විවාදාත්මක සාම ගිවිසුමේ වෙනස්කම් කිහිපයක් ගෙනඒමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු කියයි.
මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඉවාන් 54%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබුණි.
මේ අතර, දශක පහකට අධික කාලයක් ෆාක් ගරිල්ලන් විසින් සිදුකරන ලද අපරාධවලට දැඩි දඬුවම් ලබාදීමටද තමන් බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබුණි.
නව ජනපතිවරයා ව්‍යාපාරක ක්ෂේත්රයට හිතැති නායකයෙකු ලෙසද සැලකෙන අතර, ඔහු රටේ බදු අඩු කරමින් ආයෝජන වර්ධනය කිරීමටත්, කඩා වැටෙන රජයේ ආයතන නඟා සිටුවීමටත් ප්‍රතිඥා දී තිබේ.