කොලොම්බියාවේ ජනාධිපති අයිවන් ඩියුක් ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් වෙත ඊයේ (25දා)) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පසුව, එම හෙලිකොප්ටරයේ උණ්ඩ කිහිපයක්ම වැදී තිබෙන ආකාරය එරට මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කොලොම්බියාවේ කැටටුම්බෝ කලාපය හරහා එරට සැන්ටැන්ඩර් පළාතේ අගනුවර වන කුකුටා නගරය දෙසට පියාසර කරමින් තිබියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ඩියුක් පැවසීය.
"පැහැදිලිව පෙනෙන දෙය නම්, ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරයට සැඟව සිට සිදුකර ඇති මේ ප්‍රහාරය බියගුලු ක්‍රියාවක්" ඩියුක් පැවසීය.
ඩියුක් මෙන්ම හෙලිකොප්ටරය තුළ ආරක්ෂක අමාත්‍ය ඩියාගෝ මොලානෝ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙල් පැලැසියෝස් සහ නොර්ටේ ඩි සැන්ටැන්ඩර් සිල්වානෝ සෙරානෝ ඇතුළු නිලධාරීන් පිරිසක් රැඳී සිට ඇත.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත් හෙලිකොප්ටරයට පහරදීම පිටුපස සිටින අය සොයා ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට පැහැදිලි උපදෙස් ලබා දී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.