දකුණුදිග ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ මෝසම් වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තර්ජනය හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 85,000කට උන්හිටි තැන් අහිමිව තිබේ.
කේරළ ප්‍රාන්ත රජය පවසා සිටියේ ජීවිත අහිමි වූවන්ගෙන් වැඩි පිරිසක් නායයෑම් හේතුවෙන් නිවාසවලට යට වීමෙන් මෙම ඛේදවාචකයකට ගොදුරුව ඇති බවයි.
ඉන්දියාවේ වඩාත් කාර්ය බහුලම ගුවන් තොටුපොළක් වන කොචින් ගුවන් තොටුපොළ අගෝස්තු 18 වැනිදා දක්වා වසා දැමීමට බලධාරීන් සිදුව තිබෙන්නේ ගුවන් පථය ජල ගැලීමට ලක්ව ඇති බැවිනි.
මේ අතර, කාලගුණ අංශ විසින් කේරළ ප්‍රාන්තයට රතු නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් අයහපත් කාලගුණික තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව දන්වා ඇත.
මේ අතර, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය කඩිනම් කිරීම සඳහා මධ්‍යම රජය විසින්ද අමතර හමුදා මෙම ක්‍රියාදාමය වෙත යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.