නවසීලන්තයේ, ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයෙන් මියගිය පිරිස 49ක් බව එරට රජය පවසයි.
මෙම ප්‍රහාරය එලල කළ තුවක්කුකරු ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක් ඇති අයෙකු බව පැවසෙන අතර, ඔහු අන්තවාදී දක්ෂිණාංශිකයෙකු බව හඳුනාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර කාන්තාවකද වන බව නවසීලන්ත පොලීසිය කියයි. එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 48ක් බවත්, ඉන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වෙයි.
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසා සිටියේ මෙය නවසීලන්ත ඉතිහාසයේ අතිශය අඳුරුම දිනයක් බවයි.
මෙහිදී, වෙඩි තැබීම් ස්ථාන දෙකකදී සිදුව ඇති බවද මේ වනවිට වාර්තා වෙයි. එහිදී මුල්ම හා වඩාත් දරුණුතම වෙඩි තැබීම අල් නූර් පල්ලිය තුළ වෙඩි තැබීම වාර්තා වී තිබේ. එය මධ්‍යම ක්‍රිස්ට්චර්ච් හි පිහිටා තිබේ.
දෙවැනි වෙඩි තැබීම නිල්වුඩ් හි යන ප්‍රදේශයේදී සිදුව ඇති අතර, එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව හා තොරතුරු මෙතෙක් නිල වශයෙන් නිවේදනය කිරීමක් සිදුව නොමැත.
මේ වනවිට නගරයේ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දැමීමට බලධාරීන් නියෝග කර ඇති අතර, නගරයේ ප්‍රධාන පාසල් ඇතුළු සියලු ස්ථාන වෙත ආරක්ෂාව තර කර තිබේ.