දකුණු කොරියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් ප්රමාණ්ය 7,000 ඉක්මවා යමින් මරණ 47ක් වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
චීනය හැරුණු විට නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිර ගිය රාජ්‍යයක් බවට දකුණු කොරියාව පත්වෙමින් ආසාදිතයන් 7,041ක් වාර්තා වෙයි. එරට මහජන සෞඛ්‍ය ආරක්ෂාව වැඩිකිරීම සඳහා බලධාරීන් දැනටමත් දැඩි පියවර ගෙන තිබේ.
මේ අතර ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,600 දක්වා ඉහළ යමින් මරණ 197ක් වාර්තා වන වෙයි. එමෙන්ම ඉරානයේ ආසාදිත අගය 4,700ක් වන අතර, එරට තුළ මේ වනවිට මරණ 124ක් වාර්තා වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 324 දෙනෙකු වාර්තා වන අතර, එරට මරණ සංඛ්‍යාව 14කි.
ජපානයෙන් ආසාදිතයන් 1,045 දෙනෙකු වාර්තා වන අතර, එරට නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ආසාදිතයන් 696 දෙනාද ඊට ඇතුළථ් වෙයි. එරට පුද්ගලයන් 12 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.