චීනයේ හුබෙයි පළාත ඇසුරෙන් ආරම්භ වී මේ වනවිට 1,000කට වැඩි පිරිසකට මරු කැඳවූ නව කොරෝනා වෛරසය කොවිඩ්-19 (Covid-19) යන නිල නාමයෙන් මෙතැන් සිට හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
“අපට දැන් රෝගය සඳහා නමක් තිබෙනවා. එය කොවිඩ් -19” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසීය.
කෙසේ වෙතත් මෙය පැමිණෙන්නේ වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා යාමෙන් පසුවය. දස දහස් ගණනකට ආසාදනය වීමෙන් පසුවය.
එමෙන්ම නව වෛරසයට හැකි තරම් ආක්‍රමණශීලීව සටන් කරන ලෙස ගෙබ්‍රයිසස් ලෝකයෙන් ඉල්ලා සිටියේය.
කිසියම් කණ්ඩායමක් හෝ රටක් ව්‍යාකූල වීම සහ අපකීර්තියට පත්වීම වළක්වා ගැනීම සඳහා පර්යේෂකයන් නිල නාමයක් ඉල්ලා තිබුණි.