නව කොරෝනා වෛරසය (2019-nCoV) ආසාධනය වීමෙන් ඊයේ (30දා) දිනය අවසන් වනවිට චීනය තුළ පුද්ගල මරණ 213ක් වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, ඊට පෙර දිනයයේ වාර්තා වූ මරණ 170 සිට නව කොරෝනා ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම මේ වනවිට ආසාධිතයන් සංඛ්‍යාව 9,692ක් ලෙස 10,000කට ආසන්න වී ඇති අතර, එය පෙර දිනට සාපේක්ෂව ආසාධිතයන්ගේ 2,000කට ආසන්න වැඩිවීමකි. එමෙන්ම ආසාධිතයන්ගෙන් 171 දෙනෙකු සුවය ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ඉන්දියාව සහ පිලිපීනය යන රටවලින්ද කොරෝනා ආසාධිතයන් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව තවත් රටවල් 18ක රෝගීන් 98ක් මේ වනවිට වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, එම විදේශීය රටවල වාර්තා වූ ආසාධිතයන් සම්බන්ධයෙන් කිසිදු මරණයක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ විදෙස් රටවලින් හමුවූ ආසාධිතයන් අතරන බොහෝ පිරිසක් නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ වුහාන් නගරයේ සිට පැමිණි පිරිස් හෝ එසේ පැමිණි පිරිස් සමග සබඳතා පැවැත්වූ අය බව හඳුනාගෙන තිබේ.