කොවිඩ්-19 හෙවත් නව කොරෝන වෛරසය සඳහා ඵලදායී එන්නත සහ ප්‍රතිකාර ඖෂධ වේගයෙන් සංවර්ධනය කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ (02දා) ඉල්ලා සිටියේය.
වසංගතයට එරෙහි සටන ජය ගැනීම සඳහා තාක්ෂණය ප්‍රධාන ක්‍රමය බව ජනාධිපති ෂී පෙන්වා දුන්නේ විභව එන්නතක් හා ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ ප්‍රගතිය ගැන දැනගත් විටය.
පසුගිය දෙසැම්බරයේ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේදී ප්‍රථම වරට සොයාගත් කොරෝනා වෛරසය ලොව පුරා 90,000කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති අතර ඉන් 80,100කට වැඩි පිරිසක් චීනයේ සිටිති. කොරෝනා වෛරසය සඳහා දැනට එන්නතක් නොමැති නමුත් කිහිපයක් පරීක්ෂණ සඳහා සූදානම්ව ඇත.