ඉතාලිය සිය පළමු නව කොරෝනා ආසාධිත සිද්ධීන් දෙක සනාථ කළ බව ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ එරට මාධ්‍ය අමතමින් පවසා සිටියේය.
වෛරසය ආසාදනය වූ චීන සංචාරකයින් දෙදෙනෙකු මේ වනවිට හුදකලා ස්ථානයක ස්ථාවර තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව ඔහු කීවේය.
ඊයේ දවස නිමා වනවිට දත්ත අනුව ලොව පුරා කොරෝනා ආසාධිතයන් 9,692ක් වාර්තා වන අතර, වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන හුබෙයි පළාතේ රෝගීන් 5,806ක් වාර්තා වෙයි.
විදේශයන්හි තායිලන්තය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළු රටවල් 18ක අවම වශයෙන් රෝගීන් 98 ක් වාර්තා වී තිබේ.