අපට ඔබේ රටේ කොරෝනා අවශ්‍ය නැහැ යැයි පවසමින් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් වීදියේදී පිරිසක් තමන්ට පහර දුන්නේ යැයි සිංගප්පූරු සිසුවෙකු පවසයි.
23 හැවිරිදි ජොනතන් මොක් පැවසුවේ පසුගිය සඳුදා තමා ඔක්ස්ෆර්ඩ් වීදියේ ඇවිදිමින් සිටියදී කොරෝනා වෛරස් යැයි තමාව හඳුන්වමින් මෙම පහරදීම කළ බවයි.
ඔහු මිනිසුන් සිව්දෙනාට මුහුණදුන් විට, ඔවුන් දැඩි ප්‍රහාරයක් දියත් කර ඇති අතර ඉන් ඔහුට දැඩි ශාරීරික හිංසනයක් සිදුව ඇති බව බලධාරීන් පවසයි.
බ්‍රිතාන්‍ය පොලිසිය කියා සිටියේ මෙම ප්‍රහාරය වාර්ගිකව උග්‍ර වූවක් ලෙස සලකන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
ඔහු ෆේස්බුක් සටහනක් තබමින් තමාට ප්‍රහාරයෙන් සිදුවූ හානිය විග්රහ කර ඇති අතර, ඔහුගේ මුහුණේ එක් ඇසක් ආසන්නයේ ඉදිමී තිබූ ආකාරයද දැකගත හැකි විය.
වේගවත් ප්‍රහාරය හමුවේ තමාගේ මුහුණ ලේවලින් නැහැවුණු බව ඔහු කියයි.
කොරෝනා වෛරසය පැතිරීම සමහරුන්ට නිදහසට කරුණක් ලෙස තමන්ට වඩා වෙනස් පුද්ගලයින් කෙරෙහි තවදුරටත් වෛරය පැතිරවීම සඳහා යොදාගෙන ඇතැයි ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් වසංගතයකදී එරට ශ්‍රම බලකායෙන් පහෙන් එකක් පමණ ඊට ගොදුරු විය හැකි බව රජය සිය නවතම ඇස්තමේන්තුවලින් පවසා සිටියි.