කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝට අයත්ව සිටි කිඹුලෙකු මිනිසෙකුට පහරදීමෙන් ඔහු රෝහල්ගත කර ඇති බව එරටින් වාර්තා වෙයි.
70 හැවිරිදි පුද්ගලයෙකු මෙම පහරදීමට ලක්ව ඇති අතර, ස්ටොක්හෝල්ම් නුවර ස්කාන්සෙන් මින්මැදුරේදී ඔහු මෙම කිඹුලාට ගොදුරුව ඇති බව කියයි.
පොලීසිය සඳහන් කරන ආකාරයට මෙම පුද්ගලයා අදාළ ආරක්ෂිත වීදුරුවේ වැරදි පැත්තෙන් අල්ලාගෙන සිටීම නිසා කිඹුලා ඔහු සපා කා ඇත.
ස්වීඩනයේ මින් මැදුරක් තුළ ජීවත් වන කියුබානු කිඹුලන් දෙදෙනෙකුගෙන් එක් සත්වයෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, මොවුන් දෙදෙනා කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් වර්ෂ 1970 දී රුසියානු ගගනගාමී ව්ලැදිමීර් ෂැටලෝව් වෙත ත්‍යාග වශයෙන් ලබාදී තිබූ කිඹුලන් දෙදෙනෙකි.
පහරකෑමට ලක්වූ පුද්ගලයාට එය නැරඹීමට පැමිණි පුද්ගලයන් එක්ව ප්‍රථමාධාර ලබාදී ඇති අතර, පසුව වහාම ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.