උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් එරට මධ්‍යම මිලිටරි කොමිෂන් සභා රැස්වීමක මුලසුන දරමින් උතුරු කෙරියාවේ හමුදා බලය ඉහළ නැංවීම සඳහා කැඳවීමක් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කොරියානු අර්ධද්වීපයේ වේගයෙන් වෙනස් වන තත්ත්වයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමේ සූදානමක් මෙහිදී ඔහු ඉල්ලා සිටි අතර, සමහර හමුදා නිලධාරීන් සේවයෙන් පහ කිරීම, මාරු කිරීම සහ අලුතින් පත් කිරීම පිළිබඳ සංවිධානාත්මක ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.
විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවේ සමස්ත ක්‍රියාවලිය තුළ නව පෙරළියක් ඇති කිරීම සඳහා වූ වැදගත් කාර්යයන් පිළිබඳවද ඔහු මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
උතුරු කොරියාවේ පාලක පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ රැස්වීම මේ මස අගදී පැවැත්වීමට සැලසුම් කර ඇත.