රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ධනාත්මක හා ආක්‍රමණශීලී පියවර ගන්නා ලෙස උතුරු කොරියාවේ නායකයා ඉල්ලා ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
ප්යොංයැං හි පැවති පක්ෂ නායකයන්ගේ බහු දින රැස්වීමකදී කිම් ජොන් උන් මෙසේ කියා සිටි අතර, එය මේ වසරේ අසාමාන්‍ය සිදුවීමකි.
එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටිකහරණය පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමටත්, ප්‍රධාන ආයුධ අත්හදා බැලීම නැවත ආරම්භ කිරීමටත් උතුරට හැකියාවක් ඇතැයි යන තත්ත්වයන් හමුවේ මෙම අදහස් ඉස්මතු වීමද විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය පවසා ඇත්තේ එය අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්කරවන සිදුවීමක් බවයි.
වසර අවසාන වන විට න්‍යෂ්ටිකහරණ සාකච්ඡාවලදී සහන ලබා දීමට වොෂින්ටනය අපොහොසත් වුවහොත් නව මාවතක් වෙත පියවර ගන්නා බවට පියොංයැං මේ වසර මුලදී අනතුරු ඇඟවීමක්ද කළේය.