කාම්බෝජයේ අගනුවර වන නොම් පෙන් හි ටොන්ල් සප් ගං ඉවුරේ පාවෙන නිවාසවල ජීවත් වන ප්‍රජාවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් දීර්ඝ කාලයක් එහි වාසය කළ පිරිස් මෙම අවස්ථාවේදී විරෝධතාවක නිරතවී ඇත්තේ තමන්ට ජීවත් වීමට වෙනත් තැනක නොමැති බව පවසමිනි.
පරම්පරා ගණනාවක් පුරා, නොම් පෙන් හි පාවෙන ලී බෝට්ටු බොහෝ දුරට වියට්නාමයේ දුගී පවුල්වල ජීවනෝපාය හා ජීවන රටාව වන අතර, මත්ස්‍ය ගොවිතැන සඳහා නිවහනද විය.
මඩේ ගිල්වූ ලී දඬු සහ කුඩා බෝට්ටු වලින් වෙන්වී ඇති අතින් සාදන ලද පාලම්වල එකිනෙකට සම්බන්ධව මෙම නිවාස ඉදිවී තිබුණි.
කෙසේ වෙතත් නොම් පෙන් මහ නගර සභාව පවසන්නේ නගරයේ පෙනුම ඉතා අප්‍රසන්න කරන සහ ප්රජාවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන පාවෙන මුඩුක්කු මෙන්ම ඒවායින් බැහැර කෙරෙන කුණු බෑග් සහ අපද්‍රව්‍ය නිවාස බෝට්ටු අසල පාවෙන බවයි.