කාම්බෝජයේ දූපතක මුහුදු වෙරළේ පැවති උත්සවයක් අතරතුර අතුරුදන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික සිසුවියගේ පියා සහ සහෝදරයා සිය දියණිය හා නැගෙණිය සෙවීමට එකතු වී තිබේ.
21 හැවිරිදි අමේලියා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර ලැබුණු නිවාඩුවේදී කාම්බෝජයට පැමිණ තිබුණු අතර, කෝහ් රොන්ග් රිසෝට් හිදී ඇය පසුගිය බදාදා අවසන් වරට දැක තිබුණි.
ඇයගේ මවද ඇය සොයා මේ වනවිට කාම්බෝජය වෙත පැමිණ ඇති අතර, මුහුද ආශ්‍රිතව කිමිදුම්කරුවන් මෙන්ම, ඩ්‍රෝන යානාද ඇය සෙවීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.
මේ අතර, සසෙක්ස් පොලීසිය පවසන්නේ ඔවුන් මෙම තරුණිය සොයා ගැනීම සඳහා එම පවුලේ උදවියට සහාය දක්වන බවයි.