කෙන්යාවේ හමුදා කඳවුරකට ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් එල්ල කළ ප්රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයෙකු සහ කොන්ත්රාත්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අල්-ෂබාබ් නම් ඉස්ලාමීය සටන් කණ්ඩායම කෙන්යානු සහ එක්සත් ජනපද හමුදා විසින් භාවිත කරන ලද කඳවුරට පහර දුන්නේ ජනප්රිය වෙරළබඩ කලාපයක් වන ලැමූහි ප්රදේශයේදීය.
එක්සත් ජනපද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක හමුදාවේ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ ඇමරිකානුවන් මේ වනවිට යහපත් තත්ත්වයෙන් පසුවන බව එක්සත් ජනපද හමුදාවේ අප්රිකානු අණදෙන නිලධාරියා පැවසීය.
මැන්ඩා දූපතේ පිහිටි සිම්බා කඳවුරෙන් වෙඩි හඬ ඇසුණ බවත් කළු දුමාරයක් පිටවූ බවත් ප්රහාරයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසීය.