කාන්තාවන්ගේ ඡායාරූපවල ඔවුන්ගේ ඇඳුම් ඩිජිටල් ක්‍රමවේදයකට ඉවත් කරමින් ව්‍යාජ නිරුවත් රුවක් මවන ඇප් වැඩසටහනක් එහි නිර්මාණකරුවන් විසින්ම ඉවත් කර තිබේ.
ඇ.ඩො.50ක මුදලකට ලබාදුන් මෙම ඇප් වැඩසටහන සම්බන්ධයෙන් නැගුණු විවේචන හේතුවෙන් එය ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඔවුන් එය ඉවත් කර ඇත්තේ ඔවුන්ගේ මෙම ඇප් වැඩසටහන පිළිගැනීමට තරම් ලෝකය තවමත් සූදානම් නොමැති බව පවසමිනි.
එහිදී, අදාළ ඇප් වැඩසටහන වැරදි ලෙස යොදා ගැනීමට ඇති හැකියාව විමසිල්ලට ගත් බවත්, මෙවැනි ආකාරයකින් මුදල් ඉපයීමක් ඔවුන් බලාපොරොත්තු නොවූ බවත් එහි ප්‍රවර්ධකයන් පවසා ඇත.
එමෙන්ම, දැනටමත් මෙම ඇප් වැඩසටහන ඩවුන්ලෝඩ් කරගත් පිරිස් වෙත එම මුදල් නැවත ලබාදෙන බවද ඔවුන් පවසා ඇති අතර, එය වෙනත් අය අතර හුවමාරු කර නොගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.