ඉන්දියාවේ, දකුණුදිග කේරල ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක් වෙත ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු වෙමින් ඉතිහාසය වෙනස් කිරීමක් සිදුකර තිබේ.
සබරිමාලා කෝවිල ඓතිහාසිකවම වයස අවුරුදු 10ත් - 50ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට වසා තැබුණි.
කෙසේ වෙතත්, මෙම කෝවිල වෙත ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව, දේවාල භූමියට ඇතුළු වීමට ගිය කාන්තාවන්ට පුරුෂයන් එක්ව ප්‍රහාරයක් එල්ල කරමින්, ඒ වෙත කාන්තාවන්ට ඇතුළු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවට උද්ඝෝෂණ කළහ.
නමුත්, වයස අවුරුදු 40ක් වන බින්දු අම්මානි සහ වයස අවුරුදු 39ක් වන කනක දුර්ගා යන කාන්තාවන් දෙදෙනා පසුගියදා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දේවල භූමියට ඇතුළු වූහ.
එමෙන්ම, කේරල මහ ඇමති පිනරායි විජයන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගනිමින් මාධ්‍ය වෙත පවසා සිටියේ කාන්තාවන් දේවාල භූමියට ඇතුළුවීම ඓතිහාසික සිදුවීමක් ලෙස පිළිගන්නා බවයි.