රට පුරා කංසා භාවිතය නීතිගත කළ ලොව දෙවැනි රාජ්‍ය බවට කැනඩාව පත්ව තිබේ.
කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ පනතකින් මේ ආකාරයන් ඒ සඳහා නීත්‍යනුකූල පිළිගැනීමක් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ සඳහා වූ සෙනට් මණ්ඩල ඡන්ද විමසීමේදී 52කට 29ක් ලෙස එය සම්මත වී තිබුණත්, මෙම පනත හරහා කංසා වගාව, බෙදාහැරීම සහ අලෙවිය සම්බන්ධ යම් පාලනයන් සහ නියාමනයන් සිදුකරන බවද කියැවෙයි.
මේ ආකාරයෙන් රට පුරා කංසා භාවිතය නීතිගත කළ ප්‍රථම රාජ්‍ය බවට පත්වූයේ උරුගුවේ රාජ්‍යයයි. එය 2013 දෙසැම්බර් මාසයේදී සිදුවිය.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකද මේ සඳහා අවසරය ලබාදී තිබේ.
වර්ෂ 1923 දී කංසා භාවිතය කැනඩාව තුළ අපරාධයක් ලෙස සැලකීම ඇරඹි අතර, පසුව 2001 වසරේදී ඖෂධයක් ලෙස පමණක් එය භාවිතයට අවසර ලැබුණි.