කැනඩාවේ ක්විබෙක් නගරයේදී මධ්‍යතන යුගයේ ඇඳුමකින් සැරසී පැමිණි සැකකරුවෙකු අහඹු නිවැසියන් තෝරා ගනිමින් එල්ල කළ කඩු ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
හැලොවීන් භීෂණය සැබෑ ලෙසම ප්‍රකට කර තිබූ මෙය සිදුකර තිබුණේ මොන්ට්‍රියල්හි විසූ 24 හැවිරිදි තරුණයෙකි.
ක්විබෙක් පොලීසිය පැවසුවේ මෙම ප්‍රහාරය සඳහා ඔහුගේ අභිප්‍රාය පෞද්ගලික ස්වභාවයකින් යුක්ත වූවක් බවය. ඒ අනුව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස වර්ග කර නැතතත්, ප්‍රහාරයේ චේතනාව පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවද කීවේය.
ක්විබෙක් නගරය තැතිගැන්වූ මෙම අවාසනාවන්ත සිදුවීම නිවැසියන් කම්පනයට හා කණගාටුවට පත්කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.