ට්‍රක් රථයකින් යට කරගෙන ගොස් ඝාතනය කෙරුණු කැනේඩියානු මුස්ලිම් පවුලට සමුදීම කැනේඩියානුවන් සිය ගණනක් සෙනසුරාදා පොදු අවමංගල්‍ය සේවයකට එක්වූහ.
කැනේඩියානු ධජවලින් වසා තිබූ මිනී පෙට්ටි හතර නිරිතදිග ඔන්ටාරියෝ හි ඉස්ලාමීය මධ්‍යස්ථානයට ගෙනයෑමෙන් පසු පැයක් පුරා පැවති උත්සවය ආරම්භ වූ අතර ආගමික හා ප්‍රජා නායකයින් විසින් කරන ලද යාඥාවන්ගෙන් ශෝඛාකූල විය.
20 හැවිරිදි නතානියෙල් වෙල්ට්මන් නැමැත්තෙකු විසින් ඔන්ටාරියෝ හි ලන්ඩන් ප්‍රදේශයේදී තම නිවස අසල සවස් වරුවේ ඇවිදීමට පිටත්ව ගිය එකම පවුලේ පිරිසක් ඉලක්ක කර මෙම ඝාතනය සිදුකර තිබුණු අතර, 9 හැවිරිදි පිරිමි දරුවා පමණක් ජීවිතය බේරාගෙන තිබුණි.
පොලීසිය පවසන්නේ ප්‍රහාරය කල්තියා සැලසුම් කර ඇති අතර, ඔවුන් ඉස්ලාමීය පවුලක් නිසා එම පිරිස ඉලක්ක කර මෙම ට්‍රක් රථය ඔවුන් යට කරගෙන යන ලෙස පදවා ඇති බවයි. අවමංගල පෙරහැර පසුව පෞද්ගලික සුසාන භූමියක් වෙත රැගෙන ගියේය.
කැනඩාවේ පාකිස්තාන මහ කොමසාරිස් රාසා බෂීර් තාරාර් රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ, ඔවුන්ගේ මිනී පෙට්ටි කැනේඩියානු ධජයෙන් වසා තිබීමෙන්ම සමස්ත කැනේඩියානු ජාතියම ඔවුන් සමග සිටින බවට හොඳ සාක්ෂියකි.
මෙම පවුල මීට වසර 14 කට පමණ පෙර පාකිස්තානයේ සිට කැනඩාවට සංක්‍රමණය වූ පිරිසක් බව කියයි.
ප්‍රහාරය සිදුකළ වෙල්ට්මන් සඳුදා නැවත උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය අතර, මනුෂ්‍ය ඝාතනය සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා හතරකට ඔහුට මුහුණ දීමට සිදුවේ.