ළමා අපයෝජන සිදුකළ වරදට කාදිනල් ජෝර්ජ් පෙල් ඔස්ට්‍රේලියාවේදී වරදකරු බවට පත්ව තිබේ.
රෝමානු කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨ ධුරයක් වන වතිකානුවේ භාණ්ඩාගාරික ධුරය හොබවන ඔහු මෙවැනි බරපතළ චෝදනාවකට වරදකරු වූ පළමු තැනැත්තාය.
වර්ෂ 1996 දී මෙල්බර්න් දේවස්ථානයකදී ඔහු පිරිමි දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බව ජූරිය පවසා සිටි අතර, තමා නිදොස් බව කාදිනල්වරයා කියා සිටියේය.
ඔහුට එරෙහි දඬුවම් නියම කිරීම ඉදිරියේදී සිදුවනු ඇති අතර, ඔහු මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.
මේ අතර, වතිකානුවේ පොදු කටයුතුවලින් පෙල් කාදිනල්වරයා ඉවත් කර ඇති බවත්, කුඩා දරුවන් සමග සබඳතා පැවැත්වීම ඔහුට තහනම් කර ඇති බවත් කියැවෙයි. මෙම නඩුව අවසන් වනතුරු ඔහුට මෙම නීති පිළිපැදීමට සිදුවන බව වතිකානුව පවසයි.