ඉතාලියේ, ලිගූරියා පළාතේ අගනගරය ලෙස සැලකෙන ජෙනෝවා නගරයේ සුප්රසිද්ධ මොරන්ඩි පාලම පුපුරවා හැර තිබේ.
මෙම පාලමේ කොටසක් මීට වසරකට ආසන්න කාලයේදී කඩා වැටුණු අතර, එම අනතුරින් මිනිස් ජීවිත රැසක් අහිමි වූහ.
කෙසේ වෙතත්, පාලම පුපුරුවා හැරීමට ප්රථම එම ප්රදේශයේ ජනතාව ඉවත් කිරීම සිදුවූ අතර, එහි වූ දැවැන්ත කොන්ක්රීට් කුලුණු සහ යකඩවල බර ටොන් 4,500කට වැඩි බව ඇස්තමේන්තු කර තිබුණි.
පසුගිය වසරේ අගොස්තු මාසයේදී අයහපත් කාලගුණය පැවති සමයක මෙම පාලම මතින් මෝටර් රථ ගමන් කරමින් තිබියදී එහි කොටසක් කඩා වටුණු අතර, එම අනතුරින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.