කොංගෝ ජනරජයේ ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂක ෆෙලික්ස් ෂෙයිසෙකාඩි ජයග්රහණය කර තිබේ.
මෙවර මැතිවරණයෙන් දෙවැනි තැනට පත්ව සිටි මාර්ටින් ෆයුලා විසින් මැතිවරණ දූෂණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් සිටියදී නිල ඡන්ද ප්රතිඵල නිල වශයෙන් අවසන් කර ඇත.
කෙසේ වෙතත්, මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණයේ දත්ත සම්බන්ධයෙන් යම් දෝෂයක් පවතින බව සඳහන් කර තිබේ.
එරට පාලක පක්ෂයේ අපේක්ෂකයාට මෙවර මැතිවරණයෙන් හිමිව තිබුණේ තෙවැනි තැනය.
මේ අතර, ජනාධිපතිවරණයෙන් ජයගත් ෆෙලික්ස්ගේ කණ්ඩායම මෙම චෝදනා සියල්ල ප්රතික්ෂේප කරන අතර, ඔහු වර්ෂ 1960න් පසුව එරට විරුද්ධ පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ජයග්රහණය කළ ප්රථම පුද්ගලයාද වෙයි.
මේ අතර, බලයේ සිටි ජෝසප් කබීලා වසර 18කට පසුව ජනපති ධුරයෙන් ඉවත්ව යයි.