කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා ලෙස විරුද්ධ පක්ෂයේ අපේක්ෂක ෆෙලික්ස් ට්ෂිසෙකේඩිගේ ජයග්‍රහණය තහවුරු කරන බව එරට ව්‍යවස්ථාපිත අධිකරණය පවසයි.
පසුගිය දෙසැම්බර් 30දා පැවති මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තවත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයෙකු වන මාර්ටින් ෆයුලූ විසින් ඉදිරිපත් කළ ඇපෑල ඉවත දමමින් අධිකරණය මෙම නව තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
හිටපු නායක ජෝසෆ් කබීලා සමග බලය හුවමාරු කරගැනීමේ ගිවිසුමක් ෆෙලික්ස් වෙත පැවති බවට, ෆයූලූ මෙම ඇපෑල ඉදිරිපත් කරමින් කියා තිබුණත්, ෆෙලික්ස් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත්, අධිකරණ තීන්දුව පවා ප්‍රතික්ෂේප කරන ෆයූලූ පවසන්නේ, තවමත් නීත්‍යානුකූල ජනපතිවරයා තමන් බවයි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවත්, නිල ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතු බවත් ඔහු කියා සිටියි.