එක්සත් ජනපද කොංග්රසයේ දීර්ඝ කාලයක් සේවය කළ කළු ඇමෙරිකානු කොංග්රස් සභිකයා වන ජෝන් කොන්යේර්ස් අවුරුදු 90ක් ආයු වළඳා දිවි ගමනට සමුදී තිබේ.
ලිංගික අපහරණ චෝදනාවක් යටතේ ඔහු 2017 දෙසැම්බර් මාසයේදී සිය දේශපාලන දිවියට සමුදෙන විට ඔහුගේ දේශපාලන දිවියට වසර 53ක් විය.
සිවිල් අයිතිවාසිකම් සහ වගකීම් වෙනුවෙන් පෙනී සිටි ක්රියාකරුවෙකු ලෙසද ඔහු හැඳින්වුණු අතර, මාර්ටින් ලූතර් කිං උපන් දිනය ඇමෙරිකාව තුළ නිවාඩු දිනයක් කිරීම සඳහා ඔහු වසර 15ක් පුරා සටන් වැදුණේය.
කොංග්රසයේ කළු දේශපාලඥයන්ගේ එකතුවේ ආරම්භක සාමාජිකයා වන්නේද කොන්යේර්ස්ය.